Saturday, October 8, 2011

අපේ අරමුණු....

"විෂ ඝෝර සර්පයා දැක නෑරු මෝඩයා" මෙම කියමන දකින අපේ ගොඩක් අය අතරට යන වැරදි අදහසක් තමයි.
ඒ කියන්නෙ මිනිස්සු හිතන්නෙ දකින දකින් හැම සර්පයාම මරලා දාන්න ඕන කියලා.
ඒත් මේකේ තේරුම එහෙම එකක් නෙවේ.
ලෝකයෙ ගොඩක් මිනිස්සු මේ සතුන්ට අප්පිරියයි.
ඒ වගේම බයයි.
ආගම් වල පවා සර්පයා කියන්නෙ නපුරේ සංඛේතයක් කියලා හඳුන්වන්නෙ.
ඒත් බුදුරජාණන් වහන්සේ මේ සතුන්ට පවා මෙත් වඩන්න කියලා තියනවා ආරක්ෂාව පිණිස
මෙය අහිරාජ සූත්‍රයේ  විස්තර වෙනවා.


සියලූම සතුන්ට තමන්ගේ ජීවිතය වටිනවා, ඔවුන් සියළු දෙනාටම ජිවත් වීමට සමාන අයිතියක් තියනවා.
ඒත් මිනිසුන්ගේ මේ කියන සිතුවිලි නිසා මේ සතුන්ට අමානුෂික පීඩාවන් ඇති වෙනවා,
බොහෝ විට මරණයට පත් වෙන්ට වෙනවා.


අපිට ඒ දේවල් ගැන සංවේගජනක අත්දැකීම තියනවා.
දැන ඔයාලා බලයි අපි කියන්නෙ සර්පයො හුරතල් කරන්නද කියල.
නෑ එහෙම නෙවේ අපිට අවශ්‍යය අනවශ්‍යය සත්ත්ව ඝාතන වලක්වන්න.


01. අපි මේ බ්ලොගයෙන් කරන්න බලාපොරොත්තු වෙන දේවල් කිහිපයක් තියනවා.
ලංකාවේ ගොඩබිම ඉන්න සර්පයන්ගෙන් 90% ටත් වඩා ඉන්නේ කෑවොත් මැරෙන්නෙ නැති සර්පයෝ සහ   විෂ නැති අහිංසක සර්පයෝ කියන එක තමා වැදගත්ම දේ.                  


02. ප්‍රධාන අරමුණ ඉෂ්ට කරගැනීමට අවැසි දැනුම සරලව සිංහලෙන් ලබා දීම,
      ඒ යටතේ


  • සර්පයින් ගැන කෙටි හැඳින්වීමක්
  • ලංකාවේ සර්පයින් - උඝ්‍ර විෂ සහිත, මඳ විෂ සහිත ආදී ලෙස
  • උග්‍ර විෂ සර්පයින් මෙන් පෙනෙන එසේ නොවන සර්පයින්
  • මිත්‍යා මත සහ ජනප්‍රවාද
  • සර්ප දෂ්ටනයෙන් වැලකීම සහ ප්‍රථමාධාර
  • රෝහල තුලදී ලැබෙන ප්‍රතිකාර
      ආදිය ගැන තොරතුරු ඇතුලත් කෙරෙනු ඇත.


මේ තොරතුරු ඉතා සරලව ලබා දීමට බලාපොරොත්තු වෙමු.
ස්තූතියි.


ක්‍රයිසොපීලියා ඕ'නාටා - මල්සරා
ගොඩෝනියා සිලැනිකා-මිහිරිය


3 comments:

  1. hoda wedak...wenasma adahasak...aluth blogayata subapathum..

    ReplyDelete
  2. //ලංකාවේ ගොඩබිම ඉන්න සර්පයන්ගෙන් 90% ටත් වඩා ඉන්නේ කෑවොත් මැරෙන්නෙ නැති සර්පයෝ සහ විෂ නැති අහිංසක සර්පයෝ//

    මම මේක අදනේ දන්නේ අපරාදේ ඉස්සර මෙහෙට එන කිසිම සර්පයෙක් යහතින් ආපහු ගියේ නෑ දැක්කාම හිතෙන්නෙ මු හිටියොත් අහල පහල පොඩි එවුන්ව කයි ඒ නිසා වැඩේ දෙන්නෝන කියලා බැලින්නම් අහිංසකයොනේ මැරුම් කන්නේ.

    මේ සත්තු ගැන පින්තූර එක්කම දායිනේ එතකොට දැනගත්තෑකි.මේ කරන වැඩේට එක අතකට පිං සිද්ධවෙනවා නියමයි දිගටම ලියං යමු.ජයවේවා.

    ඔයාගේ නමේ තේරුම "මිහිරිය" ද????

    word notification එක නැතිකරන්න Go to Design------->Setting------->comments--------> එකේ පල්ලෙහට යද්දී තියෙනවා "Show word verification for comments?" එක NO කරන්න(මේක මට කියලා දුන්නේ අසරණයා අයියා) මේක කරාම ටක් ගාලා comment එක දාන්න පුළුවන්

    ReplyDelete
  3. හොඳ වැඩක් ඒත් ඇයි මේ තරම් මේ වැඩේ ප්‍රමාද? අල්ලලා දාලද?

    ReplyDelete